ඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 10කින් මරණ 12ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙහිදි හග්ගලදී ත්‍රි රෝද රථයක් මතට ලොරි රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවද ඔහු පැවැසීය.
මෙ අනතුරුවලින් පදිකයින් 5ක්, ලොරිරථයක ගමන් කළ පුද්ගලයෙක්, ත්‍රිරෝද රථවල ගමන් කළ 4ක් හා යතුරු පැදිවලින් ගමන් කළ 2ක් ජීවිතක්ෂයට පත්ව තිබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එසේම හග්ගල අනතුර සිදුකර පළාගිය ලොරි රථයේ රියදුරු මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.