මම උද්ධමනයට ආදරෙයි
තමන් උද්ධමනයට ආදරය කර බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවයි. පසුගිය මාසයේ එක්සත් ජනපදයේ උද්ධමනය වසර තුනක් තුළ වේගවත්ම අනුපාතයකින් ඉහළ යාම සම්බන්ධයේ අදහස් දැක්වීමේදී ට්‍රම්ප් මේ බව පැවසීය.
ඇමෙරිකානු කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (BLS) සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ගිය වසරේ මැයි මාසය හා සැසදිමේදි එරට උද්ධමනය සියයට 4.2% කින් ඉහළ ගොස් තිබේ.
අප්‍රේල් මාසයේ සිට මැයි මාසය දක්වා උද්ධමනය 3.8%කින් ඉහළ ගොස් තිබේ. මෙම වැඩිවීමට හේතු වූයේ ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයෙන් පසුව බලශක්ති පිරිවැය ඉහළ යාමයි.
"මම එයට ආදරෙයි. සංඛ්‍යා විශිෂ්ටයි. මම ඇත්තටම ආදරය කරන දේ ඔබ දන්නවාද? මම උද්ධමනයට ආදරෙයි," ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවසීය.
නමුත් ඉරානය සමඟ යුද්ධය අවසන් වූ විට ඉහළ යන මිල ගණන් "පර්වතයක් මෙන් පහත වැටෙනු ඇතැයි" පැවැසීය.
බදාදා උද්ධමන සංඛ්‍යාලේඛනවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එක්සත් ජනපද හමුදා ඉරානයෙන් "මිලියන ගණනක් බැරල්" තෙල් ලබා ගැනීම සඳහා රාත්‍රී මෙහෙයුම් සිදු කළ බවත්, එය තෙල් මිලෙහි සුළු පහත වැටීමකට දායක වූ බවයි.
"මෙම ගැටුම අවසන් වූ විට ... තෙල් පෙර තිබූ ස්ථානයට පහත වැටෙනු ඔබට පෙනෙනු ඇත," ඔහු ධවල මන්දිරයේ වාර්තාකරුවන්ට පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

