මනාල යුවලගේ දළඳා මාළිගාවේ ඡායාරූප සැසිය ගැන පොලීසියට පැමිණිල්ලක්
මනාල යුවලක් ඓතිහාසික ශ්රී දළදා මාලිගාව තුළ ඡායාරූප කරණයේ නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් පොලිසියට සිදු කරන පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ .
එම ඡායාරූපවලට පෙනී සිටි මනා යුවළට සහ ඡායාරූප ශිල්පියාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණද මෙතෙක් පොලිසියට ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්රී දළදා මාලිගාව තුළ එම කටයුත්ත සිදු කිරීම සඳහා සහාය දැක්වූ බව කියන හිමිනමට මනාල යුවළ සහ ඡායාරූප ශිල්පියා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙන බව ඉහල පොලිස් නිලධාරියකු පැවසීය .
එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී දළදා මාලිගාවේ ආවේක්ෂණ කැමරා පද්ධතියේ සටහන්ව ඇති දර්ශන පරීක්ෂා කොට පොලිස් නිලධාරින් රාජකාරිය පැහැර හැරියේ ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි .
එම මනාල යුවළ තම මල් කළඹ ද අතැතිව ශ්රී දළදා මාලිගාවේ හේවිසි මඩුවේ, ඉහළමාලයේ මල් ආසනය අසල ඇතුළු ශ්රී දළදා මාලිගාවේ විවිධ ස්ථානවල ඡායාරූප වලට පෙනී සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

