ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ටිල්කුල්ට්‍රි වතුයායේ තේ වත්තක මන්දකට හසු වී සිටි හොදින් වැඩුනු කදුකර කොටියා පශුවෛද්‍යවරයා විසින් නිර්වින්දනය කර අද (27) දින මුදා ගනු ලැබීය.
සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පුද්ගලයෙකු විසින් තේ වත්තේ අටවා තිබූ මන්දකට මෙසේ කදුකර කොටියා හසු වී ඇති බව දුටු වතු කම්කරුවන් ඒ පිලිබදව ලිදුල පොලිසිය මගින් නුවරඑලිය වනජිවි කාර්යලයේ නිළධාරින් දැනුවත් කර තිබුණි.
දෙහිවල අත්තිඩිය පශුවෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරුන් විසින් එම වතුයායට පැමිණ මන්දට හසු වී සිටි කදුකර කොටියා නිර්වින්දනර කර මුදාගෙන තුවාල ලබා සිටි කදුකර කොටියාව රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන ලදී.
කදුකර කොටියාගේ පසු පස පාදය කම්බි මන්දට හසු වීම නිසා කොටියා බේරි යෑමට උත්සහ කිරිම හේතුවෙන් කොටියා තුවාල ලබා තිබුණි.
