පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි තමන් විශ්වාස කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඊයේ (27දා) හම්බන්තොට දී පැවැති රැස්වීමක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් සිදු කර ඇති ක්‍රියාව මම හෙළා දකිනවා. ඒක හොරකමක්. වංචාවක්. ඒ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙනාවොත් මම ඊට පක්ෂව කටයුතු කරනවා.
මම හිතන විදියට මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ඉවත් කළ යුතුයි. මන්ත්‍රීවරුන්ටත් සාමාන්‍ය මගී පර්යන්තයකින් සාමාන්‍ය මගීන් වගේම පරීක්ෂාවට ලක් වෙමින් එන්න පුලුවන්.
විදේශ රාජ්‍ය අමුත්තන්, ජනාධිපති හා අගමැති වගේ තනතුරු සඳහා ප්‍රභූ පර්යන්තවලින් දී ඇති වරප්‍රසාද ක්‍රියාත්මක වුනාට කමක් නැහැ. ඒ වුනාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවැනි වරප්‍රසාද අවශ්‍ය නැහැ.ඒ නිසා මෙවැනි වරප්‍රසාද ඉවත් කළ යුතුය යන ස්ථාවරයේ මම ඉන්නවා"