ඝාතනයට ලක්වුණු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10දා) පැමිණ සිටීම විශේෂ සිදුවීමකි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දක්නට ලැබිණි.
අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය දැකබලා ගැනීමට පැමිණි අතුකෝරල මහතාගේ බිරිඳ වන මාලනි අතුකෝරල මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් තම ස්වාමියාගේ ගුණ වර්ණනා කරන සෑම අවස්ථාවකදීම වරින්වර හඬා වැටීම අද මැතිසබයේදී දක්නට ලැබුණු සංවේදී දසුනක් විය.