මන්ත්රීවරියට පහරදුන් සීසර් අත්අඩංගුවට
වාරික නොගෙවූ යතුරුපැදියක් රැගෙන යාමේදී කළුතර ප්රාදේශීය සභා මන්ත්රීවරියක තල්ලුකර ඇදවැටී රෝහල් ගතකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සීසර්වරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, ප්රැන්සිස් කුරේ මාවතේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
සැකකරු බම්බලපිටිය ආර් ඒ ද මැල් මාවතේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බවද සදහන් වේ.
කළුතර ප්රාදේශීය සභා මන්ත්රීනී ලසන්ති හේමමාලා මහත්මිය ගෙවීමේ පදනම මත ලබාගෙන තිබූ යතුරුපැදිය වෙනුවෙන් වාරික කිහිපයක් නොගෙවීම හේතුවෙන් ඉකුත් 30 දා එය රැගෙන යාමට පැමිණ සිටියදී ඊට විරෝධය දැක්වීමේදී සීසර්වරයා විසින් තල්ලුකිරීමෙන් ඇදවැටී ඇය දින 3 ක් රෝහල් ගතව ප්රතිකාර ලබාගෙන ඇති බව සදහන්විය.
අයුතු ලෙස ඇතුල්වී කාන්තාවට පහරදීම, පහරධි බලහත්කාරය යන චෝදනා යටතේ සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
