හෝමාගම පොලිසිය විසින් අද (03දා) අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මින් එක් සැකකරුවෙකු හෝමාගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරියකගේ පුතෙකු වන අතර, ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 07ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජවාරම් ක්‍රියාවලට සම්බන්ධ බවත් පොලීසිය සඳහන් කරයි.
අනෙක් සැකකරු රත්මලාන කුඩු අංජු නමැත්තාගේ ඥාති සහෝදරයෙකු බව කියන අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් සොයගෙන තිබේ.
ඉන්දික හේවාවිතාරණ