දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක් පනවා ඇති අතරම මරදන්කේනි පොලීසියේ පෙනී සිටින ලෙසට තමන්ට දැනුම් දී ඇතැයි ඒ මහතා පවසා සිටියි.
මන්ත්‍රීවරයා සිය ටවිටර් ගිනුම ඔස්සේ මේ බව සටහන් කරන අතරම අද (06) දින තමන්ට ඒ පිලිබඳව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු කොළඹදී දැනුම්දුන් බවටද එහි සඳහන් කොට ඇත.
කෙසේ වෙතත් මරඳන්කේනි පොලීසියේ පෙනී සිටින ලෙසට දී ඇති දැනුම්දීම පිළිබඳව තමන් කතානායක කාර්යාලයෙන් උපදෙස් ගන්නා බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොලීසියේ පෙනී සිටිම සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් උපදෙස් ගන්නා බවටද මන්ත්‍රීවරයා පවසා ඇත.
පසුගිය 02 වනදා යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුරදී එම අවස්ථාවේ සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සමග ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක සිටි පොලිස් නිලධාරියෙකු සමගද මන්ත්‍රීවරයා උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙන් මෙම සිදුවීම සිදුවිය.
කෙසේ වෙතත් මේ වන විට මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස්වලට චෝදනා වී ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරීම සහ විභාගයක් පැවත්වෙන ස්ථානයක ජනහමුවක් පැවත්වීම යන කාරණාවන්ය .
ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා හට අදාල සිදුවීම සම්බන්ධනේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමටද පොලීසිය පියවර ගෙන ඇති අතර මේ හේතුව නිසාම විදෙස් ගමන් තහනමක් පැනවීමටද හේතු වී ඇතැයිද පොලීසිය පවසයි.