පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ. ජගත්විතාන මහතාන මහතාගේ පුත් රසික විතාන මහතා අද සවස පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින් අඩංගුවට ගෙනගෙන ඇත.
රසික විතාන මහතා සන්තකයේ තිබූ land cruiser වර්ගයේ ජීප් රථයක් සමග මතුගම නගරයේදි 19දා සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජිප් රථය කොටස් එකලස් කළ එකක් බවත් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් මේ වන විට මෙම ජිප් රථය රසික විතාන මහතා සන්තක තිබීම හේතුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට මතුගම පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරනු ඇත
පා.ම. ජගත් විතාන මහතාගේ පාර්ශවය පවසන්නේ 2024 ඔක්තෝම්බර් 16දින මාසයේ මිලදී ගත් බවත්, එම මිලදී ගන්නා අවස්ථාවේ මූල්‍ය ආයතනයක මූල්‍ය පහසුකමක් තිබූ බවත් එය ලබාගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දුව රොෂෙල් ශලනී අබේගුනවර්දන යන අයගෙනී..
රසික විතාන මහතාගේ පියා ජගත් විතාන මහතා මෙම ජීප් රථය මිලදීගන්න අවස්ථාවේ මූල්‍ය ආයතනයක මූල්‍ය පහසුකමක් ද තිබී ඇති බව පවසනවා, එම මූල්‍ය පහසුකම සම්පූර්ණයෙන්ම පියවා දමා තමන් මෙම වාහනය රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගේ දූව වන රොෂල් ශලණි අබේගුණවර්ධනගෙන් මිලදී ගත් බව පැවසුවා.
වැඩිදුර පරික්ෂන සදහා රසික විතාන මහතාව මතුගම පොලිසිය වෙත භාර දීමට වාඅන දූෂණ මර්ධන ප්‍රහාර ඒකකය කටයුතු කරයි.
මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීමේ අක්රමිකතාවයට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ සහාය ලැබී ඇති බවට පොලීසිය සැක කරයි.
ධනුෂ්ක ලංකා නානායක්කාර අගලවත්ත
