යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්රවර්ධනය වන ආකාරයෙන් කළ ප්රකාශයක් සම්බන්ධයෙන් ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පැවැති ජන රැළියකදී මන්ත්රී අර්චුනා මෙම ප්රකාශය කළ අතර ඒ් සම්බන්ධයෙන්සිවිල් ක්රියාකාරි කණ්ඩායමක් විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අදාළව මේ විමර්ශන කටයුතු සිදුවෙයි.