පිළිකාකාරක විස පොල් තෙල් ආනයනය හරහා පොල් තෙල් බදු වංචාව සහ සීනි බදු වංචාව වසා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවද එය වසා ගැනීමට අවශ්‍යතාවයක් නැතිනම් ආණ්ඩුව මෙම වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවද සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
කොළඹදී අද (31දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මේ වන විට විස පොල් තෙල් ප්‍රශ්kයක් මතුවී තිබෙනවා. පිළිකාකාරක පොල් තෙල් රට පුරා බෙදාහරිමින් තියෙනවා. විස පොල් තෙල් මුදාහැර නැති බව කැනටි ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසුවත් ඔහු එ් ප්‍රකාශය කර පැය කිහිපයක් යන්නට මත්තෙන් විස පොල් තෙල් බවුසර් දෙකක් අල්ලාගන්නවා.
එ් අතරේ නැව් පිටින් සීනි ගෙනැත් පාඩු කරපු සීනි වංචාව හංගා ගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්වාද කියලා දැන් අපිට හිතෙනවා.සීනි වංචාවෙන් බිලියන දහසයක මුදලක් රජයට අහිමි වෙනවා. මේක බැදුම්කර වංචාට වඩා ලොකු වංචාවක්.
ආණ්ඩුවට හිතවත් අය වෙනදා අඩු ප්‍රමාණයක් සීනි ගෙනාපු අය තමන්ගේ ගුදම්වල සීනි තැන්පත් කරගෙන ඉදලා එක දවසේ මෙට්රි ටොන් අසූදහසක් එක දවසේ එළියට ගන්නවා. මේ සියල්ල හරහා සැබෑ සොරකමක් සිදුව ඇති බව පැහැදිළියි.
මේ ගැන අල්ලස් කොමිසමට,පොලීසියට පැමිණිලි කර තිබෙනවා.අ ද වන තෙක් සීනි වංචාව ගැනවත් පොල්තෙල් වංචාව ගැනවත් කිසිම පරීක්ෂණයක් වන බව පේන්න නැහැ.
බදු අඩු කරලා සීනිවලට පාලන මිලක් දැම්මා. ඒත් ඒ මිලට සීනි තිබුණේ නෑ. සතොස අසූපහට සීනි දෙන්න මේ ව්යාපාරිකයෙන්ගෙන් ඉහළ මිලකට සීනි මිලදී ගත්තා.
පිළිකාකාරක පොල් තෙල් ගැන හැමෝගේම අවධානය යොමුවී තිබෙනවා. පොල් තෙල් බදු අඩු කළාට පස්සේ පොල් තෙල් ආනයනය සියයට දෙසීය හැත්තෑවකින් ඉහළ ගිහින් තියෙනවා.
දේශීය නිෂ්පාදන ඉහළ දමනවා කියලා ආනයන සීමා කළත් මේවායේ ආනයනය ඉහළ ගිහින්.තෙල් ආනයනය සදහා වැය කළ මුදල ඩොලර් මිලියන විසි පහක සිට එකසිය හතක් දක්වා ඉහළ ගිහින්.”