සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මෙසේ ලබන 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යෝහාරික විගණන අංශයේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.
කෙසේ වෙතත් තමන් කැදවා ඇත්තේ කුමන විමර්ශණයටදැයි යන්න අනාවරණය නොකිරීම නිසා නීතීඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.