එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ඇතුළු ජාත්‍යන්තර වේදිකාවලදී, එක්සත් ජාතීන්ගේ ආයතන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අගමැතිනී එස්.හෂීනා මහත්මියට ස්තූතිය පුද කළේය.
බංග්ලාදේශ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සමග පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී මේ බව සඳහන් කළේය.
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.