පවුල් ආරවුලක් මත මොනරාගල පොලිස් වසමේ තෙනගල්ලන්ද, මාරාව, ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව ඇත.
119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව ඊයේ(31) රාත්‍රී 9.30ට පමණ මෙය සිදුවු බවට මොනරාගල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
එහිදී වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මොනරාගල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 50 ක අයෙක් වේ.
සැකකරු හඳුනා ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.