රත්තොට කන්දේනුවර ප්‍රදේශයේ දි පුද්ගලයකුට පහර දි ඝාතනය කිරිමේ චෝදනාව ඇතුලු චෝදනා තුනකට වරදකරුවන් වු එම ප්‍රදේශයේම පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකුට මාතලේ මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු එස්.යු .බි කරල්ලියද්ද මහතා විසින් (18) දා මරණිය දඬුවම් නියම කළේය.
එලෙස මරණ දඬුවම නියමවුයේ රත්තොට කන්දේනුවර වැවළග ලැයිම පදිංචි දොරේසාමි චමිල්සෙල්වම් (37)සෙල්ලයියා බාලක්‍රිෂ්ණන් (46)ඉරුලන් ආඩි ගනේෂන් (41) දොරේසාමි මනෝහරන් (43) සෙල්වරාජ් ශිවසාන්තන් (36) යන පස්දෙනා වන අතර 4 වන විත්තිකරුවන දොරේසාමි චන්ද්‍රන් නඩුව විභාග වන කාලයේදි මියගොස් ඇත,
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මාතලේ පිහිට වු පළමු පළාත්බද මහාධිකරණයක ලබාදුන් පළමු මරණ දඬුවම ලෙස මෙම නඩු තින්දුව ඉතිහාසයට එක්වෙයි.
වසර 2004 ජුනි මස 20 දින රත්තොට පොලිස් වසමේ කන්දේනුවර ප්‍රදේශයේ ත්‍රිවිල් රථ රියදුරෙකු වන කරුණාකරන් සුරේෂ්කුමාර (24) අවිවාහක තරුණයකුට තුවාල සිදු කිරිම හා නීතිවිරෝධී රැස්විමක සමාජිකයින් ලෙස කටයුතු කිරිම, මරණයක් සිදු කිරිම, පහරදි තුවාල සිදු කිරිම, ඇතුලු චෝදනා පහක් යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත විත්තිකරුවන් හට දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර තිබුණී.
මෙම විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නගා ඇති පළමු චෝදනාවට එක් අයෙකුට මාස හයක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කළ අතර ඊට අමතරව රුපියල් දසදහසක දඩමුදලක් නියම කළ අතර දඩ මුදල ගෙවිම පැහැර හැරියොත් මාස දෙක බැගින් සිරදඬුවම් ද නියම කළේය.
මනුෂ්‍ය ඝාතනය චෝදනාවට මරණ දඬුවමද නියම කළ විනිසුරුවරයා තුන්වන චෝදනාවට වසරක සිර දඬුවම් ද නියම කෙරුණු අතර ඊට අමතරව රුපියල් දසදහසක දඩමුදලක්ද ගෙවිමට නියම කf<ah'
එය ගෙවිම පැහැර හැරියොත් මාස දෙකක සිර දඬුවමක්ද නියම කෙරුණි.
හතර පහ චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කර තිබු අතර මරණකරුගේ සහෝදරයා වන කරුණාකරන් අශොකන් යන අයට රුපියල් දස දහස බැගින් වන්දි මුදලක් ගෙවිමට නියෝග කළ විනිසුරුවරයා එම ගෙවිම පැහැර හැරියොත් මාස හය බැගින් සිර දඬුවම්ද නියම කළේය.
මෙම නඩුවේ මුලික සාක්ෂි විභාගය මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර වැඩිදුර විභාගය මහනුවර පළාත් බද මහාධිකරණය විසින් සිදු කළ අතර එම අධිකරණයෙන් නඩුව විභාග කර මාතලේ පිහිටවු නව මහාධිකරණයේදි අද (19) මෙම නියෝගය සිදු කළේය.
පැමිණිල්ල රජයේ නීතිඥ යසිදු සෙනවිරත්න මහතා මෙහෙය වු අතර පළමු සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ජිවනි අතුකෝරළ මහත්මියද තුන්වන පස්වන හා හයවන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ශ්‍රි ලාල් ප්‍රේමවර්ධන මහතා ද පෙනි සිටියහ.
රත්තොට - රුවන් ධනංජය