මහමැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය ඇතුළත දි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද(8) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට දිනයේදි ප්‍රකාශයට පත් කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.