යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්රෑම් තුනක් පමණ බරින් යුත් දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසල පිහිටි කුණු කානුවකින් අද (06)දින ගොඩගත් බව මන්නාරම පොලීසිය පවසයි.
මුස්ලිම් පල්ලිය අසල පිහිටි කුණු කානුවක් පවිත්රකරමින් සිටි මන්නාරම නගරසභාවේ සේවකයින් පිරිසකට මෙම ක්ලෝමෝ බෝම්බය හමුවීමෙන් පසුව නගරසභා සේවකයින් විසින් මන්නාරම් පොලීසියට මේ බව දැනුම් දී ඇත.
අදාළ ස්ථානයට පැමිණි මන්නාරම් පොලීසිය විසින් ක්ලේමෝ බෝම්බය රැගෙන ගිය අතර එම බෝම්බය කිසිවෙකු විසින් එම ස්ථානයට ගෙන දැමුවේද නැතිනම් එම ස්ථානයේ යුද කාලයේ සිට තිබුණේද යන්න පිළිබඳව සොයාබලන බව පොලීසිය පවසයි.
සොයාගත් ක්ලේමෝ බෝම්බය ආරක්ෂිතව ඉවත් කිරීම සහ නිෂ්ක්රීය කිරීම සඳහා මන්නාරම මහේස්ත්රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායට භාරදීමට නියමිත බවද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.