සතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබූ මන්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු මන්ද කාඩාගෙන අද රක්ෂිතයට පළාගොස් ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැලෑවක කඳුකර කොටියෙකු මන්දකට හසු වී ඇති බව දුටු එම වතු යායේ වතු කම්කරුවෙක් ඒ පිළිබදව බගවන්තලාව පොලිසිය වෙත දැනුම් දි තිබුණි.
තේ වත්තේ අටවා තිබු මන්දකට සුනඛයෙකු හසු වි ඇති අතර , සුනඛයා ගොදුරු කර ගැනිම සඳහා පැමිණි කඳුකර කොටියාද මන්දකට හසු වී ඇති බවට සැකකරන බව වනජිවි නිලධාරිවරයා කියා සිටියේය.
මන්දට හසු වි සිටි සුනඛයා කදුකර කොටියා විසින් ගොදුරු කරගෙන ඇති බවත් ,කදුකර කොටියා මන්දට හසු වි සිටි ස්ථානයේ අටවා තිබු මදු කිහිපයක් ගලවා ඉවත් කළ බවත් ප්රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවැසීය.