පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාස 08ක් තිස්සේ විමධ්‍යගත අරමුදල් ලබාදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22දා) පැවසීය.
සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා විමධ්‍යගත අරමුදල් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විමසූ විට මේ දක්වා මුදල් ලැබී නැතැයි නිතර සඳහන් කරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුව 'ගම්පෙරළිය' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් ලබාදුන හොත් ගම්මාන දියුණු කිරීමට අවස්ථාව තිබෙන බවයි.