Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම පසුගිය සති දෙකේදී තමන් හොඳින් නිරීක්ෂණය කළ බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහු නිකුත් කළ නිවේදනය
පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගතයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.
මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ මම විමසිල්ලෙන් නිරීක්ෂණය කළෙමි. විධායකය, ශ්‍රී ලංකා ස්වෛරීත්වයේ යාන්ත්‍රණය වන පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරීම ජනතා නිදහසට හා අයිතියට බරපතල අවදානමක් වනු ඇත.
මෙවන් බරපතල පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙහි දිවුරුම් දී ඇති සියළු රජයේ සේවක පිරිස් වෙත අවධාරණය කර සිටිනුයේ තමන් දුන් එම දිවුරුම පිළිබඳ යළිත් සිහිපත් කරන ලෙසයි. කිසියම් තැනැත්තෙකු හෝ බලයක් පිළිබඳ නොව මෙම ලියවිල්ල කෙරෙහි විශ්වාසය පලකළේ කවර කරුණක් නිසාදැයි ඔබ ඔබෙන්ම විමසා බැල්ම යෝග්‍ය වේ. අපගේ පරම බැඳීම පවතිනුයේ හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතය.
අප මවුබිමේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව පිළිබඳ අප සතු වගකීම රාජ්‍ය සේවය මෙන්ම පොලීසිය හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ අපගේ වගකීම මතකයේ තබාගන්නා ලෙස මම ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමි. කවුරුන් විසින් හෝ වේවා දෙනු ලබන නීත්‍යානුකූල නොවූ විධායකයේ නියෝග තරයේ ප්‍රතික්ෂේප කරන ලෙසද සියළු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියළු රටවැසියාගේ යුතුකම වනුයේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සබැඳියාව නොසළකා අද දවසේ රට පිළිබඳව ස්වදේශානුරාගයෙන් සිතා මවුබිමෙහි නිදහසත් ප්රජාතන්ත්රවාදයේ සුරක්ෂිත භාවයත් වෙනුවෙන් පෙනී සිටීමයි.
කල් තැබීමෙන් පසු පාර්ලිමේන්තුව කැඳවීමට තිබූ නොවැම්බර් මස 14 දින රජයේ ප්‍රතිපත්ති ප්රකාශණය ඉදිරිපත්කිරීමෙහිලා ජනාධිපතිවරයා වලක්වාලීමට මා අදහස්කළ බව ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අභූත චෝදනාවක් නඟමින් එම කරුණ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට හේතු වන්නට ඇතැයි ප්‍රකාශ කිරීම පිළිබඳ මම විමතියට පත්වීමි.
තම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ එම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වඩාත් අවංක හා විශ්වාසනීය හේතුවක් දැක්වූයේ නම්, ලෝකයා හමුවේ අප මව්බිමේ ගෞරවයට වන හානිය අවම කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව තිබුණු බව මගේ විශ්වාසයයි.
කථානායක වරයෙකුගේ ක්‍රියාවන් සෑම කල්හිම විධායකයේ සතුටට හේතු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මෙම සම්ප්රදායේ ඉතිහාසය 1641 දක්වා ගමන් කරන බව පෙන්වා දෙමි.
බ්‍රිතාන්‍යයේ පළමු වැනි චාල්ස් රජු මහජන මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායක විලියම් ලෙන්තල් එය වලකා ඔවුන් ආරක්ෂාකරනු වස් රජු ඉදිරියේ දණින් වැටී මෙසේ පැවසීය.
“ මහරජතුමනි, මා මේ පවසන කරුණු ඔබවහන්සේගේ චිත්තප්‍රීතියට හේතුවේවා! මෙම ස්ථානයේ සිදුවන දේ මාගේ දෙනෙතින් දැකීමටහෝ ඒ පිළිබඳ කිසිවක් පැවසීමට නොහැකි මුත්, මා කීකරු සේවකයෙකු පමණක් වන මෙම සභාව විසින් මා වෙත ලබා දී ඇති තීරණය හැර ඔබ වහන්සේ විසින් ඉල්ලා සිටින ආකාරයේ පිළිතුරක් ඔබ වහන්සේ වෙත ලබා දීමට නොහැකි බැවින් මා වෙත සමාව භජනය කරන සේක්වා.”
රජයේ නීත්‍යානුකූල භාවය පිළිබඳව තීරණයක් ගනු සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්විය යුතු බවට මන්ත්‍රීවරු 124 දෙනෙකුගෙන් 116 දෙනෙකු මා පෞද්ගලිකව හමුවී ඉල්ලාසිටි අතර තවත් 08 දෙනෙක් දුරකථනයෙන් මා අමතා මෙම යෝජනාවට පක්ෂපාතීත්වය පළකොට සිටියහ. සියවස් ගණනක් තිස්සේ අපගේ පූර්වගාමී කථානායකවරුන් අනුගමනය කරමින් මන්ත්‍රී බහුතරය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සතු අයිතිය සුරක්ෂිත කරනු සඳහා ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීමෙහි එකඟ වෙමින් මම සභාවේ ඡන්දයක් ගතයුතු බව ප්‍රකාශ කළෙමි.
රජයේ ප්‍රතිපත්ති ප්රකාශණයක් ඉදිරිපත්කිරීම වැළැක්විය යුතු බවට කිසිදු මන්ත්‍රීවරයෙකු ඉල්ලා නොසිටි අතර එවැන්නක් මාගෙන් ද අනුමත නොවනු ඇත.
හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මගේ මවුබිම අපේක්ෂා කළ කවර වූ හෝ කැප කිරීමක් කිරීමට මම නිරතුරුව සූදානමින් සිටියෙමි. විධායකය හමුවේ පෙනීසිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම මා ලද වරප්‍රසාදයක් විය.
ඉහත සඳහන් මගේ ක්‍රයාකාරකම් පිළිබඳ කිසිඳු පැකිලීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමෙහි මා සූදානම් බැව් වැඩිදුරටත් සඳහන් කරමි.
කරු ජයසූරිය
පාර්ලිමේන්තුවේ හිටපු කථානායක
popular news
සම්පත් Sunday, 11 November 2018 10:50 PM
කරූ ඔයාට ජාතික ලැයිස්තුවෙන් තමයි මේ පාර පුතෝ එන්ට වෙන්නේ
Reply : 1 0
Deepal Nirosh Monday, 12 November 2018 08:48 AM
රටට වැදගත් වෙන්නෙ මහජනතාවගෙ ජීවත්වීමේ අයිතිය හා නිදහස මිසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225කගේ ධුර අයිතිවාසිකම නොවෙයි. අනෙක අද රටේ තිබෙන්නෙ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් මිසක පාර්ලිමේන්තු ආණ්ඩු ක්රමයන් නොවෙයි. මේ ක්රමයේ ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන්නෙ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා මිසක පාර්ලිමේන්තුව නොවේ. ඒ ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව යමින් කටයුතු කළ හිටපු කථානායකවරයායි වර්මන් තත්ත්වයට මූලිකව වගකිව යුත්තේ.
Reply : 15 2
Champa Monday, 12 November 2018 10:53 AM
ජනාධිපතිවරයාට බලයක් නැහැ කතානායකට අණ දෙන්න. කතානායක කියන්නේ ජනාධිපති වරයා පත්කළ කෙනෙක් නෙමෙයි. කතානායක කියන්නේ තනි ස්වාධීන බල අධිකාරියක්. වෙන විදිහකට කියනව නම් කතානායක තමයි පාර්ලිමේන්තුවේ වැඩ වල "referee". ජනාධිපති කතානායකට බලපෑම් කරනවා කියන්නේ එතන ප්රජාතන්ත්රවාදයක් නැහැ කියන එක. ජනාධිපතිවරයා ගන්න ගන්න හැම තීරනේටම කැමති වෙන්න කියලා නියමයක් නැහැ. ජනාධිපතිවරයෙකුගේ ඒකාධිපති බලය සමබර කරන තැන තමයි පාර්ලිමේන්තුව. ඒ ඉහලම තනතුර කතානායකතුමා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියල වෙන් වෙනම බල අධිකාරී තුනකට වෙන් කරලා තියෙන්නේ දේශපාලන බලය සමබර කරන්න.
Reply : 0 3
සෙනෙවි Monday, 12 November 2018 09:15 AM
තනතුර නැතිවෙලත් හීන් බබා දොඩවන එක නතර උනේ නෑ
Reply : 18 0
Champa Monday, 12 November 2018 10:26 AM
ඔබ කියන්නේ ඇත්ත. ඒ විතරක්ද? පාර්ලිමේන්තු සම්ප්‍රදායට, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට, කොයි පක්ෂෙට තිබුනත් පවතින ජනවරමට මේ හැමදේටම පයින් ගැහැව්වා. කථානායකතුමා එක්ක ඔරොප්පු වුනේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කිව්වා නිසා. ඒ කියන්නේ බහුතරය බලන්න අවශ්‍යයි කියලා කියපු නිසා. එහෙම නැතුව ඒගොල්ලෝ කියපු වැරදි විදිහට බලහත්කාරෙන් ඇතුලට ඇවිල්ල බහුතරය නැති නීත්‍යානුකූල ආණ්ඩුවක් හදල දෙන්න කැමති වුනානම් කථානායකතුමා හොඳ වෙනවා. බය කරල ආණ්ඩුවක් හදන්න හැදුව. මන්ත්‍රීවරු සල්ලි වලට ගන්න හැදුව. දෙකම බැරි වුන. තීරණේ තමන්ට වාසි නම් හොඳයි. අවාසි නම් නරකයි. කථානායකතුමාට විරුද්ධව කියපු කතා හැව්වම මට නම් බයත් හිතුන ජීවිතේටත් අනතුරක් වෙයිද කියලා. ඇත්තටම කිව්වොත් මට හුඟක් පුදුම හිතුන ඒගොල්ලන්ගේ කථා ගැන. මොනව වුනත් කථානායකතුමාගේ සෘජු අපක්ෂපාති තීරණ ගැන මගේ ගෞරවය. ඒ වෙලාවේ මට නම් හිතුනේ කමක් නැහැ දෙන්නගෙන් කවුරු වුනත් මොකොද පහුගිය දවස්වල JO පෙන්නුවේ තනිකරම double standards. හැබැයි ඒ ගොල්ලෝ දැන ගන්න ඕනේ පාර්ලිමේන්තුවේ තැන ගන්න ඕනේ ප්රජාතන්ත්රවාදී මූල ධර්ම වලට අනුකූලව කියලා. බලය චුට්ටක් හම්බ වෙලා මෙහෙම නම් අම්මෝ....
Reply : 0 1
Sira Tuesday, 13 November 2018 02:55 AM
චම්පා, ඔය කියන බහුතරය 2015දි රනිල් අගමැති කරන කොට බැලුවද? කරු ජයසුරිය කියන්නේ අම්ම වුනත් විකුනන්න පුළුවන් එකෙක් කියලයි මට හිතෙන්නේ. රටේ ස්වයිරී භාවය රැඳෙන්නේ මහා ජනය මත මිස මුදලට විකිනෙන මන්ත්‍රී වරු මත නෙවි.
Reply : 0 0
Champa Tuesday, 13 November 2018 06:00 PM
Sira එකක් 2015 දී කථානායක කරු ජයසූරිය නෙමෙයි. අනික එදා දිමුව අයින් කරහම මම මේ විදිහටම ඒකට විරුධව ලිව්වා LankaCNews එකට. මම විතරක් නෙමෙයි මහින්දල විමල්ල දිනේස්හලා හැමෝම එදා ඒක වැරදියි කිව්වා. නමුත් එදා වැරදියි කිව්ව දේ අද ඒගොල්ලොත් කරනවා. හැබැයි මම දේශපාලකයෙක් නොවෙන නිසා මට ඒ ගොල්ලෝ වගේ වාසි පැත්තට හැරෙන්න බැහැ. ඒ හින්ද දීමුට වුනත් රනිල්ට වුනත් පුද්ගලය කවුද කියල බලන්නේ නැතුව මම වැරදි දේට වැරදියි කියනවා.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 13 November 2018 08:33 AM
ඉස්සලේලා කියමුකො බලන්න විපක්ෂයේ මන්ත්‍රීවර 53ක කණ්ඩායමේ අයිතිය පැහැරගෙන විපක්ෂ නායකකම හා සංවිධායකකම ඔවුනගෙන් පැහැර ගත්තෙ කවුද කියල? අඩුගානෙ ඔවුනට කතා කරන්න ප්‍රමාණවත් කාලයක්වත් ලබා දෙන්න කටයුතු කළාද? පාරිලිමේන්තු ප්රජාතන්ත්රවාදය මතක් වෙලා තියෙන්නෙ දැනුයි. අනික රටකට වඩා වැදගත් ජනතාවගේ ස්වෛරීත්වය, ජීවත්වීමේ නිදහස හා ආරක්ෂාව මිසක ඔය 225 දෙනෙකුගේ තනතුරු වරප්‍රසාද නොවෙයි. ඇරත් පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය යටතේ ජනතා පරමාධිපත්‍යය තියෙන්නෙ ජනාධිපතිවරයාට මිසක පාර්ලිමේතුවට නොවෙයි.
Reply : 1 0
Champa Tuesday, 13 November 2018 06:03 PM
Deepal නිරෝෂ් ඔබට වැරදිලා. ලංකාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රම දෙකකට පෙන්නුම් කරනවා. එකක් ජනාධිපතිවරණය. අනික මහා මැතිවරණය. ඔබට වැරදිලා තියෙන්නේ මේ දෙක මෙච්චර කල් තිබුනේ එක පක්ෂයකට නිසා. දැන් ජනතා පරමාධිපත්‍යය දෙවිදිහකට නිර්රෝපනය වෙනවා. ඒ දෙකටම ගරු කල යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd