මධ්‍යම පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 20,000 ඉක්මවයි
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව (5) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 287 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 20,478 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 10,915කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,573 දෙනෙකුද නුවරඑළියදිස්ත්රික්
මධ්‍යම පළාත තුළින් (5) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 287කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 132ක්, නු
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 235ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 75ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 74 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

