මධ්‍යම පළාතේ මුළු ආසාදිතයින් ගණන 2219 දක්වා ඉහළට
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 06 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුත නව ආසාදිතයින් 48ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 2219 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1398 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 628 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 187 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 293 ක් වෙයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ 258ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රදාණය 48 ක් වෙයි.
අද පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 48 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින්19දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 15දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, ආසාදිතයින් 14 මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ නවයත් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ දෙකක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ එකොළහක් වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.
මහනුවර මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
