මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මේ දක්වා වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහස දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 115ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (17) පෙරවරු 6.00 වන විට 3045ක් දක්වා ඉහළ ගොස් ඇත.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව ද දෙදහස දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සංඛ්‍යාව 2015 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 690 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 340දෙනෙකු ද වාර්තා වී ඇත.
අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 115කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 77 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 04 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 34 ක් ලෙසිනි.
මේ දක්වා වාර්තාවී ඇති මරණ 23 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 17 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 04 හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 02 ක් ලෙසින් එම මරණ වාර්තාවේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

