මධ්‍යම පළාතේ ආසාදිත සංඛ්‍යාව 23,692ක් දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් (15) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 328 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 23,692 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 12,481කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6,188 දෙනෙකු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,023දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.
මධ්‍යම පළාත තුළින් (15) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 328කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 198ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 84ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 46ක් ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 529ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 353ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 89ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 87 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

