බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයට ඊයේ (09) දින පස්වරුවේ ඇඳ හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත් බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වු බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත පහළ කොටස් වතු නිවාස 30 පමණ ජලයෙන් යටවි තිබු බවත්, වතු නිවාස තුළට ජලය කාන්දු විමත් සමග එහි පදිංචි පවුල් 29 කට අයත් සමාජිකයන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා අද (10) අලුයම වන තෙක් යොමු කළ බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ.
වතු නිවාස තුළට ජලය කාන්දු විම නිසා වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය ජලයෙන් යට වි තිබු අතර එම පවුල් වලට අයත් සමාජිකයන් 100 දෙනෙකු පමණ අවතැන් වි සිටියහ.
වතු නිවාස ජලයෙන් යට විම නිසා අවතැන් වු සමාජිකයන් බගවන්තලාව කොටියාගල වතු යායේ වතු රෝහලේ තාවකාලිකව පදිංචි කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිමට පියවර ගත් බව බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි මංජුල සමරකොන් මහතා පැවසිය.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක්ද ජලයෙන් යට වි තිබුණි.
වතු නිවාස වලට කාන්දු වි තිබු ජලය අද (10) අලුයම වනවිට බැස ගොස් තිබුණි.
වතු නිවාස වල තැන්පත් වි තිබු රොන්මඩ ඉවත් කිරිමේ කටයුතු බගවන්තලාව පොලීසියේ නිලධාරින් , මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු වතු කම්කරුවන් විසින් අද (10) සිදු කෙරිණ.
පවතින වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩි විම හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටමද ශිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසති.

