මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන " සිරි දළදා වන්දනා 2025" දන්තධාතු වන්දනාමාන කිරීම සඳහා
යන බැතිමතුන් මධ්‍යම අධිවේගී මාර්ගය බහුල වශයෙන් යොදා ගැනීමේ හේතුවෙන් එහි ආදායම 20% ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම්) ආර් .ඒ. ඩි. කහට පිටිය මහතා පැවසීය
ඉකුත් 18 වෙනි දින සිට 20 වෙනි දින දක්වා ගෙවුනු දින තුන තුළ මධ්‍යම අධිවේගී මාර්ගයේ වාහන 53,789 ගමන් කර රුපියල් 15,157,450 ආදායමක් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලැබී ඇතැයිද එය සාමාන්‍ය දිනවල වාහන ගමනා ගමනයට වඩා 20% වැඩිවීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ ආදායමත් ඉහළට බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය