ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් බෝට්ටු දෙකක් පෙරළී ගොස් තිබේ.
එහිදී පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එක් බෝට්ටුවක බංග්ලාදේශ ජාතිකයන් 26 දෙනෙකු සිට ඇති අතර, මිය ගිය හතර දෙනා එම බෝට්ටුවේ සිට තිබේ.
එමෙන්ම අනෙක් බෝට්ටුවේ සුඩාන ජාතිකයන් 70 ක් පමණ සිට ඇති අතර, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.