කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගැටලුලවට මුහුණදී සිටින මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් සහන ණය යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීම් කිහිපයකදීම සාකච්ඡා කර තිබේ. ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව හරහා සහන පොලී අනුපාත යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයේදී සිදුකිරීමට නියමිතය.