මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 13ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 7823 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
අද පෙරවරුව දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5008 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1573 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1242 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ගණන මහනුවර මහ නගර සභා කොට්ඨාසය තුලින් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 567 ක් වෙයි . නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රමාණ201 ක් වෙයි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම ප්‍රදාණය 264 ක් වෙයි.
අද 29 වනදා පෙරවරුව දක්වා වූ ගෙවුණු පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් හය දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද එක් ආසාදිතයෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද, තවත් ආසාදිතයින් හය දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ55 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ11 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 11 ක්ද ඇතුළුව මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 78 ක්ද වාර්තා වී ඇති බවද සෙඛ්‍ය අංශ කියයි.
මොහොමඩ් ආසික්