මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ට සහ ග්‍රාමිය ජනතාව උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇත.
එම ජනතාව කදුමුදුණේ සිට පහළට ගලා බසිනා ප්‍රධාන ජල මුලාශ හරස් කරමින් ජල නල යොදා තම දෛනික අවශ්‍යතාවය සඳහා පානිය ජලය ලබාගෙන තිබුණි.
මධ්‍යම කදුකරයේ පවතින වියළි කාලගුණයත් සමඟ පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සමඟ සිදි යාම හේතුවෙන් මෙම උග්‍ර පානිය ජල ගැටලුවට මුහුණ පා ඇත.
වසර කිහිපයකට පසු බගවන්තලාව ප්‍රදේශයට මෙසේ උග්‍ර පානිය ජල ගැටලුවක් මතු වු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති පානිය ජල ගැටලුවට තාවකාලික විසදුමක් වශයෙන් වැසි ලැබෙන තෙක් හැටන් පොලීසිය සතු වතුර බවුසරයෙන් පිරිසිදු පානිය ජලය ලබාගැනිමට හැකි ස්ථානවලින් ජලය රැගෙන විත් ප්‍රදේශවාසින්ට බෙදා හැරිමට කටයුතු කර ඇති බවයි බගවන්තලාව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මකිර්ති මහතා කියා සිටියේ.
ඉදිරි දින කිහිපයේදිත් වතු කම්කරුවන්ට සහ ප්‍රදේශවාසින්ට බවුසර් මගින් ජලය බෙදා හැරිමට කටයුතු කරන බව බගවන්තලාව වැඩ බලන ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.