මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (27) දින රාත්‍රියේ සිට විටන් විට තද වැසි සමග තද වැසි සමග අධික සුලං තත්ත්වයක් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ගිනිගත්හේන , වටවල , නෝටන්බ්‍රිජ් , මස්කෙලිය , හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන පොලිස් බල ප්‍රදේශවලට මෙසේ විටන් විට තද වැසි සමග අධික සුලං තත්ත්වය පවතින්නේ.
තද වැසි සමග ඇතැම් ස්ථානවල ඝන මිදුම් තත්ත්වයක්ද පවතිනවා.
පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ඒ අනුව විමසුරෙන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලිබලගාර ඉංජිනේරුවන් පැවසිය.