මාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් හා මාධ්‍ය වේදින්ගේ නිදහස ආරක්ෂා කරමින් නිදහස් මාධ්‍යයක් රට තුළ ස්ථාපිත කරන බව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.
ඊයේ (30) මාතරදි ආගමික උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය.
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘ ඉදිරියේදි මාධ්‍යවේදින්ගේ කටයුතු සොයා බලා ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සුහදව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදි මාධ්‍යවේදියාගේ සහ මාධ්‍ය නිදහස දැන් තියෙන තත්ත්වයට වඩා විධිමත් කරන්න අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.
අපේ තොරතුරු නිවැරැදිව ජනතාවට සන්නිවේදනය වෙන ආකාරයට සහ ජනතාවට එම තොරතුරු නිදහසේ විදගැනිමට හැකිවෙන ආකාරයට හැම කෙනාගෙම මානව අයිතිය සුරැකෙන ආකාරයට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න කලින් මේ රට තුළ ගෝඨා බය කියන එක ඇති කරන්න කටයුතු කරා. ඒ නිසා අපි මේ දේ හරියට කරගෙන යනකොට ජනතාවට කියපු ආකාරයට බියක් ඇතිතරගන්න කිසිම හේතුවක් නැහැ. අපි මේ වැටිච්ච රට නැවත ගොඩගන්න කටයුතු කරනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන බැලූවොත් අපේ ඉදිරි වැඩපිළිවෙල හොඳට පේනවා. අපේ පළමු කැබිනට් රැස්විමෙන්ම වැට් බද්ද අඩු කරා. උපයනවිට ගෙවන බද්ද අඩු කරා. ඒ වගේම බදු සහන ඇති කරා. ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ පිටරටින් ගෙන්වන එක නතර කර තිබෙනවා. මිශ්‍ර කරන්න තේ ගෙන එන එක නතර කරනවා. ජනතාවගේ ආර්ථිකයට බාධාවෙන දේවල් පිටරටින් ගෙන්වන එක නවත්වනවා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිබු සහන පැකේජය ලබාදිමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා. පසුගිය රජයේ ඇමතිවරු පත්කිරිමේදි අමාත්‍යංශ වෙන්කරන්න ලේකම්වරු පත්කරන්න සැහෙන්න කාලයක් ගතවුණා. ඇමතිවරුන්ට විෂය පථයන් වෙන්කිරිමේදි මාස ගණනක් කල්ගියා. මේ සියල්ල වෙනස් වි දැන් කඩිනම් රටක් සහ වෙනස්කම් සහිත රටක් නිර්මාණය වෙමින් පවතිනවා’’ යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.