මධ්‍යම වනජීවී කලාපයට අයත් පල්ලෙකැලේ ආයෝජන කලාපය තුළ කම්බි මදුවකට හසුව සිටි කඳුකර කොටියෙකු ඉන් බේරා ගෙන නිරුපද්‍රිතව යළි ආරක්ෂිත ප්‍රදේශයකට මුදවා හැරීමට රන්දෙණිගල වන සත්ත්ව කළමනාකරණ ඒකකයේ සහ දාගවිල්ල බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
කඳුකර කොටියාගේ ගෙල ප්‍රදේශය කම්බි මදුවට හසුව තිබූ බවත්, සතා ආසන්නයට ජනතාව ඒකරාශී නොවීම හේතුවෙන් කලබලයට පත්ව නොසිට බැවින් එම සතා නිර්වින්දනය කර නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව රන්දෙණිගල වන සත්ත්ව කළමනාකරණ ඒකකයේ ස්ථාන භාර වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා පැවසීය.
වයස අවුරුදු හයත් හතත් අතර හොදින් වැඩුණු පිරිමි සතෙකු මෙසේ මදුවට හසුව සිටි බවත්, සතාගේ ශරීරයේ අභ්යන්ත්රර ඉන්ද්‍රියවලට හානි නොවී පැවතීම හේතුවෙන් භාහිර තුවාල සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදු කොට ආරක්ෂිත කැලෑවකට මුදා හැරීමට කටයුතු කරන ලද බව පිනිදිය මහතා කීය.
වඳවයාමේ තර්ජනයට ලක්ව ඇති මෙවැනි සතුන් මදුවලට හසු වීමේ සිදුවීමෙන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන බවත්, මදුවකට හසුව සිටින කොටියෙකු බේරා ගැනීමට ඇති අවස්ථා ඉතාමත් සීමිත බැවින් එවැනි සතෙකු මදුවකට හසුව සිටිනු නිරීක්ෂණය වුවහොත් ජනතාව ඔහු අසලට ඒකරාශී වීම වළක්වා කඩිනමින් කෙටි දුරකතන අංක 1992ට හෝ ළගම පිහිටි වනජීවී කාර්යාලයකට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අකලංක පිනිදිය මහතා පැවසීය.
රන්දෙණිගල වන සත්ත්ව පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතාගේ මූලිකත්වයෙන් අඩවි ආරක්ෂක කොඩිතුවක්කු, අඩවි සහකාර කසුන් කුමාරසිරි, අඩවි සහකාර රඛිත සමරකෝන්, රියදුරු සමරකෝන්, දාගවිල්ල බීට්ටු කාර්යාලයේ වන සත්ත්ව නියාමක බණ්ඩාර, ධනුෂ්ක, ක්ෂේත්‍ර සහයක දුමින්ද, රියදුරු බණ්ඩාර යන වනජීවී නිලධාරීන් කොටියා බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ
