මුදල් පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මුදල් පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) වැඩි ඡන්ද 90න් සම්මත වූ අතර එහිදී පනතට පක්ෂව ඡන්ද 134ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 44ක් ලැබුණේය.
එහිදී සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.
මුදල් පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) ඇතුලු පනත් කිහිපයක් සහ රෙගුලාසි කිහිපයක් සම්බන්දයෙන් වන විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පැවතියේය.
විවාදය අවසානයේ මුදල් පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) කලු සල්ලි සුදු කරන පනතක් වන බැවින් ඊට එකග විය නොහැකි බවත් ඒ අනුව බෙදීමක් අවශ්‍ය බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ අනුව අදාළ පනත සම්බන්දයෙන් ඡන්ද විමසීමක් සිදු කිරීමට කතානායක මහින්ද යාලා අබේවර්ධන මහතා කටයුතු කළේය.