මත්ස්‍ය එකරාශිකරණ ඇටවුම මාස දෙකකින් අතුරුදන්
ධිවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තුව විසින් රුපියල් හැත්තැනමලක්ෂ,දාහතරදහස් පන්සියහතලිස්අටක (7,914,548) මුදලක් වැයකොට කොග්ගල නොගැඹුරු මුහුදේ ස්ථාපනය කරණු ලැබු මත්ස්‍ය එකරාශිකරණ ඇටවුම (FAD) ස්ථාපිතකර මාස දෙකක් වැනි කෙටිකාලයකින් අස්ථානගතවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2025 වර්ෂයේ ජනවාරිමස 14 වැනිදින මෙම ඇටවුම අස්ථානගත වි තිබු අතර මෙම ඇටවුම ස්ථාපිතකොට කෙටිකාලයකින් අස්ථානගතවිම හේතුවෙන් ඒ තුලින් බලාපොරොත්තු වු අරමුණු ඉටුකරගැනිමට හා අපේක්ෂිත ප්රතිලාභ ධිවර ප්‍රජාවට ලබාදිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ තුලින් රජයට රුපියල් හැත්තැනමලක්ෂ,දාහතරදහස් පන්සියහතලිස්අටක (7,914,548) ක පාඩුවක් රජයට සිදුවි තිබුණි. මෙකි මත්ස්‍ය ඇටවුම වසරක කාලයක් සදහා ශ්‍රිලංකා රක්ෂණ සමාගමේ අනපේක්ෂිත අයහපත් කාලගුණය නිසා ඇතිවන හානි ආවරණය කර රක්ෂණය කර තිබුණිඅවස්ථා තුනකදි ශ්‍රිලංකා රක්ෂන සමාගමෙන් රක්ෂණ හිමිකම් ඉල්ලුම්කර ඇතත් අදාළ වන්දි මුදල් ලැබි නොතිබුණි. මෙකි මත්ස්‍ය ඇටවුම අස්ථානගතවිම සම්බන්දයෙන් මුදල් රෙගුලාසි 104 පරික්ෂණයේ නිර්දේශ ප්‍රකාරව ශ්‍රිලංකා ඉන්ෂුවරන්ස් කොපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනයෙන් අයකරගතයුතු රුපියල් හැත්තැඑක්ලක්ෂයක මුදල අයකරගෙන නොතිබුණි.
ඒ පිළිබද රක්ෂණ නියාමක කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ලේ ඉදිරි කටයුතු සදහා මෙම සිද්ධිය වු කාලසිමාවේ දි කොග්ගල ප්‍ර දේශය ආශ්රිත මුහුදු තිරයේ පැවති කාලගුණික තත්ත්වය පිළිබද වාර්තාවක් මෙම වර්ෂයේ ජනවාරි මස 05 වැනිදිනට පෙර රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත යොමුකරණ ලෙස දන්වා තිබුණි. මෙම වර්ෂයේ අප්‍රෙල් මස 30 වැනිදින වනවිටත් එම වාර්තාව ඉදිරිපත් කිරිමට දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ධිවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

