නවගමුව පොලිස් වසමේ නාගහවත්ත පාර රණාල ප්‍ර දේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත කළ වැටලීමකදී එම සාදයට එක්ව සිටි සැකකරුවන් 7ක් හා සැකකාරියන් 04ක් අත්අඩංගුවට ප ගත් බව පොලීසිය කියයි.
නවගමුව පොලිස් ස්ථානය මගින් මෙම වැටලීම සිදුකර තිබුණ අතර සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6.85ක් පොලීසිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන් අවුරුදු 28-48 අතර පසුවන රනාල, බියගම, මරදාන, හෝකන්දර, අතුරුගිරිය, වත්තල හා කඩුවෙල පදිංචිකරුවන් වෙයි. අද පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබුණි.