මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බවත් මැඩලීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති.
උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේ අද (28) අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා රජය විසින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය අවංක උවමනාවකින් යුතුව කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවත්ය.
මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කළද පසුව ඔවුන් නැවතත් ඊට ඇබ්බැහි වන බවට ආරංචි ලැබෙමින් තිබෙන බවත් අතට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කටයුතු විධිමත්ව සිදුකළ යුතුව තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියේ විවිධ රටවලින් විදේශිකයන් මෙරටට පැමිණ ලෝකය ඇති අධික විෂ සහිත මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය තිබීම සඳහා හන්දිස්සේ දැනට පවතින මධ්‍යස්ථානය තවත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම මෙන්ම ද්‍රව්‍ය සමාජයට එකතුවීම වැළැක්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් දියත් කළ යුතුව තිබෙන බවත් එය ඉලක්කකර ගනිමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයක් ඉදිරි සති දෙක තුන ඇතුළත ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවද විමසීය.
පසුගිය කාලයේ මෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා දේශපාලන උදව් නොලැබීම හේතුවෙන් මෙම ව්‍යසනය කඩිනමින් අවසන් කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන බවත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ජාතික ව්‍යාපාරය ඔස්සේ ගොඩනැගෙන පුළුල් යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.එම ජාතික වැඩපිළිවෙළ තුළට විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන්, පාලන ආයතන, පොලිසිය, මාධ්‍ය ඇතුළු සියලු අංශ ඇතුලත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙහිදී පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරියසූරිය මහතා අවධාරණය කරිටියේ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථාන 07 ක් වටලා පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් එම පිරිස අතර විදේශිකයකුද සිටි බව පැවසීය. එම ස්ථානවලින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අයිස් වලටත් වඩා භයානක රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති බවට රස පරීක්ෂක වාර්තාවන්ගෙන් තහවුරු කර තිබෙන බවද පොලිස්පතිවරයා මහ නායක හිමියන් හමුවේ අවධාරණය කළේය.
පිරිස අස්ගිරි මහා විහාරයට ගොස් එහි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැදැක ආශිර්වාදාද ලබාගත්තේය.