මත්ද්‍රව්‍ය නිවාරණයට ජනපතිගෙන් දැඩි නියෝග
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
එමෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිබෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ඇත.
2018 ජනවාරි 01 දා සිට සිට ඔක්තෝබර් 31 වනදා දක්වා මාස 10 ක කාලය තුළ දී අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කි.ග්‍රෑම් 184.6 ක ප්රමාණයකි.
එහෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කරනු ලබන, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ විශේෂ වැඩසටහනට අනුව නොවැම්බර් 01 දා සිට මේ දක්වා මාස 02කට ආසන්න කාලය තුළ දී පමණක් හෙරොයින් කි.ග්‍රෑම් 280 ක් අඩඅංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති අතර අදාළ සැකකරුවන්ට නඩු පැවරීමට ද පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.
එමෙන්ම පසුගිය මාස 02 ක කාලය තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 15,530 ක් පමණ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇත.
මත්ද්‍රව්‍ය උවදුරෙන් මතු පරපුර නිදහස් කර ගැනීම උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ වන විට පුළුල් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන අතර එම වැඩසටහන් ජනාධිපතිතුමා විසින් නිරතුරු පසුවිපරමට ලක් කරයි.

popular news
-
Kumar Thursday, 27 December 2018 10:16 PM
කතාව විතරනේ වැඩ බොහොම හෙමින් නේද. දැනට දැඩි දඬුවම් ලබාදී තිබෙන්නේ සුළු කුඩු වෙළෙන්දන්ට පමණි. ඔය කියන තරම් කරන්න ඕනෙනම් මත් ද්‍රව්‍ය ගැන බලන පොලිස් පරික්ෂකවර්යාව ඉක්මනින් වෙන ස්ථානයක මාරුකරන්න කටයුතු කලේ කුමකටද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
