මත්ද්‍රව්‍ය ජාවාරමුන් රටේ ආර්ථීකය, සමාජ, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්යපවා බිඳ වට්ටමි
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම’පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්වී, තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කර ගනිමින් බොහෝ අපරාධ සිදුවන බවට ද නිරීක්ෂණය වී ඇති බවත්, ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන ඇති බව එහිදී සාඛඡා විණි.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ කල්ලි වල මූල්‍ය බලය විසින් ආර්ථීකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් තිබෙන බවයි. මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බව ද පැවසීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

