මොරගහහේන ගෝනපොල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් ගජමුතුව, දුර්ලභ වර්ගයේ ගජමුතුවක් බවට වාර්තා වූ බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.
සොයාගත් එම ගජමුතු ව ජාතික කෞතුකාගාරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් වාර්තාවේ ඒ බව සඳහන් වන බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකාරිය 52 හැවිරිදි වියේ පසුවන්නියකි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් සතුව ගජමුතු තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකාරිය ගජමුතු වක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
සැකකාරියට මෙම ගජමුතු ව ලද ආකාරය ඔයා දීර්ඝ විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
ඊට අමතරව ගජමුතු ව තක්සේරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තක්සේරු වාර්තාවක් ද ලබා ගැනීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් / සුමිත් පොතුපිටිය