මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වැඩිම දේපළ දෙමටගොඩ රුවන්ට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි 79 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබී සොයා ගත් වැඩිම වටිනාකමින් යුත් දේපළ සොයා ගෙන ඇත්තේ වෙලේ සුදාගෙන් වන අතර එය රුපියල් කෝටි 18 කි.
2011 වසරේ දී ගංජා ජාවාරම කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී දැන හැඳින ගත් පාකිස්තාන ජාතික මාර්ගයෙන් දෙමටගොඩ රුවන් නැමැත්තා 2017 වර්ෂයේ සිට මහා පරිමාණයෙන් හොරෙයින් මත්කුඩු මෙරටට ආනයනය කර තිබූ බව පොලිසිය කියයි.
එම ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් රුපියල් ලක්ෂ 975 ක් වටිනා රේන්ජ් රොවර් රථයක් රුපියල් ලක්ෂ 700 ක් වටිනා බි එම් ඩබ්ලිව් අයි 8 වර්ගයේ රථයක් ,රුපියල් ලක්ෂ 550 වටිනා බි එම් ඩබ්ලිව් 7 සීරියස් වර්ගයේ රථයක් ඇතුළු කෝටි තිහක් පමණ වටිනා මෝටර් රථ නමයක් මිලදී ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දෙමටගොඩ රුවන් නමැත්තා ගේ නමැත්තාගේ පුතුගේ උපන්දිනය ඔක්තෝම්බර් 10 වැනි දින බැවින් එකී අංක හතර ගැලපෙනසේ විශේෂ මුදලක් ගෙවා සුඛෝපභෝගී වාහන කීපයකට ලියාපදිංචි අංක ලබා ගෙන ඇතැයි සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
රුපියල් කෝටි30 ක් පමණ වටිනා එකී සුඛෝපභෝගී වාහන 9ට අමතරව කෝටි 16 ක් පමණ වටිනා නිවාස සහිත ඉඩම් තුනක් ,රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රත්තරන් කිලෝ එකහමාරක් මෙන්ම රුපියල් කෝටි නමයක ස්ථාවර තැන්පතු කීපයක්ද පොලිසිය විසින් තහනම් කරන ලද දේපල අතර ඇතැයි විමර්ශන පවත්වන නිලධාරියෙක් පැවැසීය .
ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වූ විසින් උපයා ගත් බව කියන මුදල් වලින් මිලදී ගත් සංචාරක හෝටල් කීපයක් පිළිබඳව විමර්ශන කණ්ඩායමේ අවධානය යොමු යොමුවී ඇතැයි පොලිසිය කියයි.
සැකකාර දෙමටගොඩ රුවන් නැමැත්තා ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නැවැත්වීම සඳහා රුපියල් කෝටි 5ක මුදලක් විමර්ශන නිලධාරීන් වෙත ලබා දී ලබාදීමට උත්සාහ දරා ඇති අතර ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් වික්‍රමරත්න ,නීති විරෝවිරෝධී දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ගීතාල් සහකාර පොලිස් අධිකාරි අජිත් දහනායක මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධකරුවන් ගේ දේපල විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.






popular news
-
Kumar Thursday, 17 February 2022 05:51 PM
amerikawenam ema daypola siyallama rajasantahaka wenawa. Kudumudalalilage druwanntath mahaparata bahinna wenawa. kisima anukampawak naha. Lakawe karanne borune. pagawen siyaludeyama wahenawa.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

