ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මත්ද්‍රවය ජාවාරමේ නිරතවූ ඉතාලි ජාතිකයෙකුට මිගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩි .පි පි රත්නායක මහතා අද (5දා) බරපතල වැඩ සහිතව ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළේය
වරද පිළිගැනීමෙන් පසු 40 වියැති වත්තීයා ජිබට් නමැති විත්තිකරුට මෙසේ දඩුවම් නියම විය.
බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජයන්ත දහන මහතා ඇතුළු නිලධාරී කණඩායමක් විසින් කොකේන් ග්‍රෑම් අනුවක් සමග මෙම විත්තිකරු කදානේදී 2019 02.07 අත්අඩංගුවට ගෙන තිබිණි.
රජයේ නීතිඥ එරන්දි දසනායක මහත්මිය පැමිණිල්ල මෙහෙයවිය.
මිගමුව බර්ටි ඩයස්