මත්තලට පැමිණි ගුවන් යානයක ගින්නක්
මත්තල ගුවන් තොටුපළින් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක එන්ජිමේ අද (26දා) උදෑසන හදිසියේම ගින්නක් හට ගෙන තිබේ.
මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් - 12 වර්ගයේ , එන්ජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටියහ.
ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබියදී යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව , ඕමානය බලා පිටත්ව යෑමට සූදානම් වත්ම , එහි එක් එන්ජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ.
ඒ සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ , මෙම ගින්න නිවා දමා තිබේ.
සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ , මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව ලබා දෙන නිර්දේශය මත , මෙම ගුවන් යානය පිටත්ව යෑම හෝ අලුත්වැඩියා කිරීම සඳහා යොමු කිරීම සිදු වන බව මත්තල ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසීය.
ටී.කේ.ජී කපිල

popular news
-
Nandana Wednesday, 26 December 2018 01:37 PM
බලාගෙන පෞද්ගලික ගුවන් යානාවලින් කුඩු ප්‍රවාහනය කරන්නත් පුළුවන් මත්තල ආරක්ෂව කොහොමද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
