මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතට ඉදිරි සති කිහිපය තුළ තවත් ගුවන් යානා සමාගම් කිහිපයක් ගමන් ආරම්භ කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය අද දිනයේ සිට මොස්කව් - මත්තල ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පැවැසීය.
අද පටන් මෙම ගුවන් සේවය සතියට දින දෙකක් මොස්කව් - මත්තල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
