මත්කුඩු ජාවාරම්කාරයෙකුගේ මෝටර් රථයට හා නිවසට ගිනි
මත් කුඩු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අහුන්ගල්ල මරදාන පදිංචි අයෙකුගේ නිවස සහ මෝටර් රථය අද(23)අලුයම් කාලයේ ගිනි තබා ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. අහුන්ගල්ල මරදාන පදිංචි සිවනෙත්ති චතුර නමැත්තාගේ නිවස සහ මෝටර් රථය මෙසේ ගිනි තබා ඇති බවද පොලීසිය කියයි.
තාප්පයෙන් පැමිණි අයෙක් හෝ පිරිසක් තාප්පයෙන් පැන එම නිවස පරිශයට ඇතුලුවී මෝටර් රථයට හා නිවසට ගිනි තබා ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණයවූ බවද පොලීසිය කියයි. මේ ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවත් නිවසට තැබූ ගින්න නිවැසියන් මහත් පරිශමයක් දරා නිවා දමා ඇති බවත් පොලීසිය කියයි.නිවස තුළ ගින්න නිවසියන් නිවා දැමුවද ඒ වනවිටත් නිවසේ ගෘහ භාණ්ඩ රැසකටම දැඩි අලාභහානි සිදුව තිබෙන බවද පොලීසිය කියයි.
මේ නිවස ගිනි දැමීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනවරණය වී නැති බවත් මත් කුඩු සම්බන්ධයෙන්වූ සිදුවීමක් මෙයට හේතුව වන්නට ඇතැයි සැකකෙරෙන බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී බුද්ධික කෝදාගොඩ මහතාගේ උපදෙස් පරිදි අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

