මත් ගතියෙන් සිටි තරුණ තරුණයන් 6ක් අත්අඩංගුවට
පානදුර මුහුදු වෙරළේ මත් ගතියෙන් සිටි බාල වයස්කාර ළමුන් දෙදෙනෙකු ඇතුළු තරුණ තරුණියන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.
එම තරුණ තරුණියන් වොඩ්කා මත්පැන් පානය කළ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. මුහුදු වෙරළ ආසන්නයේ පිහිටා තිබෙන සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ බාල වයස්කාර පිරිසක් අසෝබන ලෙස හැසිරෙන බවට පොලීසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් එම ළමුන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් ගැහැණු ළමුන් තිදෙනා අඩ නිරුවත් ඇඳුම් ඇඳගෙන සිටි බවත් කියයි. පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමගම පිරිස මෝටර් රථයක නැග පිටත් වීමට සූදානම් වූ බව වැටලීම සිදුකළ සිදුකළ පොලිස් නිළධාරියෙකු පැවසීය
අත්අඩංගුවට ගත් එම තරුණ තරුණියන්ව වයස අවුරුදු 19 සහ 25 අතර පසුවන කළුතර පදිංචිකරුවන්ය
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

