විපක්ෂය මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහය ගැන පුදුම නොවිය යුතු බවත් එය විපක්ෂයේ භූමිකාව බවත් කොවිඩ්-19 වසංගතයෙන් රටක් ලෙස අප මෙතෙක් මිදී නොමැති බව පවසමින් විපක්ෂය ගෙන යන මතය ගැන පුදුම නොවිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (30) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය පැමිණෙන්නට පෙර මූලික මැතිවරණ ව්‍යාපාරය සියලුම අපේක්ෂකයින් විසින් සිදු කළ අතර කොරෝනා බලපෑම හේතුවෙන් එහි පසුබෑමක් සිදුවූ බවත් දැන් යළි එම කටයුතු ආරම්භ කිරීමට පසුබිම සැකසෙමින් තිබෙන බවත් කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව සිදු කිරීම ඔස්සේ රට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත් විධිමත් මෙන්ම ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් තුළින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පැවැසිය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඊට සම්බන්ධව සිටින සියලු පක්ෂ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කියා සිටියේය.