පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ජන්ද හිමියන් ගණන් අකෘති ගෙයින් ගෙට බෙදාදිම සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේය.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම ජනතාවට දැනුම් දෙන්නේ තමන් 2020 ජන්ද හිමි නාම ලේඛණය ලියාපදිංචි වි ඇත්නම් 2021 වර්ෂය සඳහාද එම ලිපිනය යටතේ ලියාපදිංචි කිරිමට ක්‍රියා කරනු ඇති බවයි.
ඒ සඳහා කිසිදු ආකෘතියක් සම්පුර්ණ කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.