මැතිවරණ කොමිෂමේ යුතුකම මැතිවරණ පැවැත්වීම බවත් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා මැතිවරණ කොමිෂම කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
තම දේශපාලන දිවියට වසර 50ක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම වෙනුවෙන් පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මැතිවරණ තියන එක මැතිවරණ කොමිෂමේ යුතුකම. මැතිවරණ පවත්වන්න තමයි කොමිෂම තියෙන්නේ. නඩුවේ තීන්දුව ආපු ගමන් ඒ කටයුතු කරයි.
අපි විපක්ෂයේ ඉන්න කොට අපිට ඕනකම තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. එතකොට අපි මැතිවරණ ඉල්ලනවා. විපක්ෂයේ ඉන්න කොට මැතිවරණ ඉල්ලන එක තමයි කරන්නේ.
ආණ්ඩුව කරන්නේ මැතිවරණ කල් දාන එකයි. මේකේ අනිත් පැත්ත තියෙන්නේ. ආණ්ඩුව කියනවා මැතිවරණයට යන් කියලා විපක්ෂය බෑ කියනවා. මේක ජනතාව තේරුම්ගනියි.”
හෙරත් ඒකනායක - මහනුවර